Thursday 18th of June 2026

English Tamil
Advertiesment


සජබයේ බෙදීමක් නැහැ 


2021-10-04 15389

 

රටේ ප්‍රශ්න වසන් කර ගැනීමට ආණ්ඩුව විපක්ෂයට මඩ ගහනවා 

 

විපක්ෂය ශක්තිමත් 

 

රටේ ප්‍රශ්න වසන් කර ගැනීම සඳහා විපක්ෂයේ බෙදීමක් ඇති බව මවා පෑමට ආණ්ඩුව උත්සාහ කළත් සමගි ජන බලවේගය සමගියෙන් ඉදිරියට යන අතර එහි කිසිදු බෙදීමක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ආණ්ඩුව ඇතැම් ජනමාධ්‍ය උපයෝගී කර ගෙන ඔවුන්ගේ සහ රටේ අර්බුද වසන් කර ගැනීමට උත්සාහ ගත්තත් විපක්ෂයේ කිසිදු බෙදීමක් නොමැති බව ද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව දුර්වල වී විපක්ෂය ශක්තිමත් වනවාට බියෙන් හැට නම ලක්ෂය රැක ගැනීම සඳහා ආණ්ඩුව අද විපක්ෂයට නොයෙකුත් චෝදනා එල්ල කරමින් සිටින බව පෙන්වා දුන් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගයට විශාල ග්‍රාමීය පිළිගැනීමක් තිබෙන බවත් බොරු අවලාද මගින් එම පිළිගැනීම නැති කිරීමට කිසිවකුට හැකියාවක් නොමැති බවත් කියා සිටියේය. 

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment